
බැංකු ගණුදෙනුවලට අදාළව පාරිභෝගිකයන් වෙත යොමු කරන කෙටි පණිවිඩවල කිසිදු ආකාරයේ ලින්ක් එකක් ඇතුළත් නොකිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 04 න් එකක් වන NAB බැංකුව තීරණය කර තිබෙනවා.
Scam ඝණයට ගැනෙන විවිධ වංචාවලින් සිය ගණුදෙනුකරුවන් ගලවා ගැනීම එහි අරමුණ බවයි ඔවුන් නිවේදනය කලේ.
විවිධ බැංකු විසින් පාරිභෝගිකයන්ට යැවෙන කෙටි පණිවිඩ වල ඇතුළත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ පුද්ගලික දත්ත සොරාගත හැකි විවිධ වෙබ් අඩවි වෙත යොමු කෙරෙන ලින්ක්ස් ඇතුළත් කිරීමයි.

කෙසේවෙතත් තමන් විසින් යොමු කරන කෙටි පණිවිඩවල එවැනි කිසිදු ලින්ක් එකක් ඇතුළත් නොකලහොත් එවැනි වංචා සහගත පණිවුඩ හඳුනාගැනීමට ගණුදෙනුකරුවන්ට පහසුවනු ඇති බවයි NAB බැංකුව අවධාරණය කරන්නේ.
පසුගිය වසරේදී NAB බැංකුව විසින් සිය ගණුදෙනුකරුවන් වෙත යවා තිබූ කෙටි පණිවුඩ සංඛ්‍යාව මිලියන 112 ක්.
