
ගෙන ඒමට යෝජිත නිවාස ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබාදෙන්නැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සියලු පාර්ශවවලට දන්වා සිටිනවා.
පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් අනුව මෙම ප්‍රතිසංස්කරණ සිදුකෙරෙන අතර ඊට අදාළ මහජන අදහස් ලබාගැනීම් මේ දිනවල සිදුවනවා.
දැනට ඔස්ටේ්‍රලියාවේ වැඩිම නිවාස කුළී සටහන් වනුයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම පීඩනය අඩු කිරීම මෙම ප්‍රතිසංස්කරණවල මූලික අරමුණයි.

නිවාස කුළී එකගතා – සුරතල් සතුන් තබා ගැනීම වැනි කරුණු කෙරෙහිද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.
සියලුම අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන අවසාන යෝජනාවලිය සකස් කිරීමටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සූදානමින් පසුවන්නේ.
