යළිත් සිඩ්නි නගරයට නොමිළයේ පොදු ප්‍රවාහන දිනයක් ?

සිඩ්නි නගරයේ ඊයේ පස්වරුවේ සිදුවූ දුම්රිය ප්‍රමාදය හමුවේ සමාව අයැදීමක් ලෙස එක් දිනයක් නොමිළයේ පොදු ප්‍රවාහන සේවා සපයන ලෙස ප්‍රාන්ත විපක්ෂය විසින් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

සංඥා ක්‍රියාකරුවෙකු විසින් රෝගාතුරවීම හමුවේ සමස්ත දුම්රිය පද්ධතියම ඊයේ පස්වරුවේ දැඩි ප්‍රමාදයන්ට ලක්ව තිබුණා.

මෙහිදී මගීන්ට සිදුවු දුෂ්කරතා සැළකිල්ලට ගෙන ලබන සඳුදා දිනය ගාස්තු රහිත නොමිළයේ ප්‍රවාහන දිනයක් ලෙස නම් කරන ලෙසටයි නිවු සවුත් වේල්ස් ඡායා ප්‍රවාහන ඇමති නටාලි වෝඩ් ලේබර් පක්ෂ රජයෙන් ඉල්ලා සිටින්නේ.

කෙසේවෙතත් වැඩබලන ප්‍රවාහන ඇමති ජෝන් ග්‍රැහැම් අවධාරණය කරන්නේ විපක්ෂය විසින් ඉල්ලා සිටින පරිදි ලබන සඳුදා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගාස්තු රහිත දිනයක් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බවයි.

ඉදිරියේදී මෙවැනි අපහසුතා ඇති නොවීමට වග බලාගන්නා බවටද ඔහු සහතික වනවා.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »