ඉරාජ් ගේ ඔස්ට්‍රේලියානු සංචාරය අහෝසි කරන ලෙස ඔන්ලයින් පෙත්සමක්

ශ්‍රී ලාංකික සංගීතවේදී ඉරාජ් වීරරත්න ගේ ඉදිරි ඔස්ට්‍රේලියානු සංචාරය අහෝසි කරන ලෙස ඉල්ලමින් ඔන්ලයින් පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපිත වී ඇති ලාංකික සංවිධාන 04 ක මූලිකත්වයෙනුයි සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් වෙත යොමු කිරීමට එම පියවර ගෙන ඇත්තේ.

මෙල්බන් – බ්‍රිස්බන් සහ ඇඩිලේඩ් නගරවල සංගීත සංදර්ශන මාලාවක් සඳහා ඉරාජ් විරරත්න ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට පැමිණිමට නියමිතයි.

එහෙත් එම සංචාරය එලෙසින්ම ක්‍රියාත්මක කලහොත් මෙරට තුළ පවතින සහජීවන වාතාවරණයට බාධා පැමිණිය හැකි බවටයි අදාළ පෙත්සමෙහි දක්වා ඇත්තේ.

ඉරාජ් වීරරත්නගේ අතීත සහ මෑතකාලීන ක්‍රියාකාරකම් විමසීමේදී ඔහු විසින් තෝරාගත් දේශපාලන කණ්ඩායමකට සහය දක්වා ඇති බවත් – සංක්‍රාන්ති ලිංගිකයන්ට අපහාස වන අයුරින් ගීත පවා නිර්මාණය කර ඇති බවත් එහි සඳහන්.

එබැවින් ඔහුගේ ඔස්ට්‍රේලියානු සංචාරය අවලංගු කරවන ලෙසයි පෙත්සම්කාර පාර්ශවය විසින් ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටින්නේ.

පසු සටහන

AusLanka TV විසින් මෙම ඔන්ලයින් පෙත්සම සඳහා සහය දැක්වීමක් හෝ විරෝධය පළ කිරීමක් සිදු නොකරන අතර නිෂ්ක්‍රීය තත්වයෙහි ලා කටයුතු කරනු ලබයි.

ඉරාජ් වීරරත්නගේ දේශපාලනය අප හට ගැටලුවක් නොවන අතර ඔහුගේ සංගීත දිවිය සහ දේශපාලනය එකට ඈඳා නොගත යුතුය යන්න අපගේ ස්ථාවරයයි.

මෙම පුවත වාර්තා කිරීම මෙන්ම අනතුරුව ඉරාජ් වීරරත්නගේ පාර්ශවයෙන් කිසියම් ප්‍රතිචාරයක් ලදහොත් එයද පළකිරීමට AusLanka TV සූදානමින් සිටී.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »