ශ්‍රී ලාංකික කාන්තාවක වහල් සේවයේ යොදවන ලද මෙල්බන් පදිංචිකාරිණියකට පණවා ඇති සිර දඩුවම තවත් වසරකින් දීර්ඝ කර තිබෙනවා.
වසර 08 කට ආසන්න කාලයක් කුමුදුනී කන්නන් නම් මෙම විත්තිකාරිය විසින් අදාළ කාන්තාව දැඩි හිංසනවලට ලක්කර ඇති බවත් දිර්ඝ පැය ගණනක් සේවයෙහි යොදවා තිබූ බවත් සඳහන්.
පොලිසිය විසින් ඇය සොයාගන්නා අවස්ථාවේදී ඇයගේ බර කිලෝ ග්‍රෑම් 40් ක් වැනි ඉතා පහළ අගයක පැවති බවයි වාර්තා වන්නේ.
නඩු විභාගය පැවති දිනවල සැකකාර කාන්තාව විසින් ශ්‍රී ලාංකික කාන්තාවට තර්ජනය කර ඇති බව අධිකරණයේදී අනාවරණය වුණා.
ඒ අනුවයි ඇයට එරෙහි වසර 08 ක සිර දඩුවම තවත් මාස 12 කින් දීර්ඝ කර ඇත්තේ.
මේ අනුව ඇප ඉල්ලීම සඳහා ඇයට 2026 වසර වන තෙක් සිටිය යුතු වනවා.
කෙසේවෙතත් ඇයගේ සැමියාට පණවා ඇති වසර 08 ක සිර දඩුවම දීර්ඝ කිරීමක් සිදුවී නැහැ.
මෙලෙස වධහිංසනයට ලක්වී ඇත්තේ 1984 වසරේදී ශ්‍රී ලංකාවේ සිට ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වූ ද්‍රවි ජාතික කාන්තාවක බව ද සඳහන්.