මොරිසන්ට තවත් චෝදනාවක් – පාර්ලිමේන්තුවෙන් යයි ?

2015 වසරේදී සිදුකල උපරිම ණය සීමා ඉහළ දැමීමේදී එවක සමාජ සේවා අමාත්‍ය මෙන්ම පසුකාලීන අගමැතිවරයාද වූ ස්කොට් මොරිසන් විසින් සිය වගකීම පැහැර හැර ඇති බවට චෝදනාවක් එල්ල වනවා.

Robodebt (රොබෝ ඩෙබ්ට්) ලෙසින් ජනප්‍රිය මෙම ක්‍රමය ෆෙඩරල් රජය විසින් ක්‍රියාත්මක කල අසාර්ථකම ව්‍යාපෘතියක් බවයි අද නිකුත් වූ රාජකීය කොමිෂන් වාර්තාවේ සඳහන් වන්නේ.

2019 වසරේදී මෙම ක්‍රමය අසාර්ථක බවට එවක පැවති ලිබරල් සන්ධාන රජය විසින් පිළිගත් අතර අගමැති ලෙස කටයුතු කල ස්කොට් මොරිසන් විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේ 2020 වසරේදීයි.

වැනි සේවාවලට අදාළව ණය ආපසු ලබාගැනීමේදී දෝෂ සහගත අයුරින් කටයුතු කර ඇති බවට අනාවරණය වීමත් සමග අදාළ ණය හිමියන්ට එම අමතර මුදල් ආපසු ගෙවීමටද එහිදී පියවර ගැණුනා.

මෙම සිද්ධිය පදනම් කරගෙන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම හෝ නොවීම පිළිබඳ තීරණයක් ගත යුතු වන්නේ හිටපු අගමැති මොරිසන් විසින්ම බවයි වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලේ.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »