නඩුවට ජූරියක් එපා – ධනුෂ්කගෙන් ඉල්ලීමක්

සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීක් කර තිබෙනවා.

ඔහුගේ නීතීඥවරුන් කරනු ලැබූ මෙම ඉල්ලීම සම්බන්ධ තීරණය ලබන 24 වනදා ලබාදෙන බවටයි අධිකරණය එහිදී දන්වා ඇත්තේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඔස්ටේ්‍රලියාවේදී පැවති පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැණුනේ නොවැම්බර් 06 වනදායි.

අනතුරුව ඔහුට එරෙහිව චෝදනා 04 ක් ගොණු කෙරුණු අතර පසුව ඉන් චෝදනා 03 ක් විමර්ශන නිළධාරීන් විසින් ඉවත් කරගනු ලැබුවා.

කෙසේවෙතත් බලහත්කාරයෙන් ලිංගික කටයුතු සිදුකිරීම යන චෝදනාවට එරෙහිව ඔහුට එරෙහිව නඩු විභාගයක් ඉදිරියේදී ආරම්භවීමට නියමිතයි.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »