පළමු දිනයේම Threads වෙත කෝටි 03 ක් – ට්විටර් නඩු දාන්න යයි

threads

මෙටා සමාගම විසින් ඊයේ දිනයේදී හඳුන්වා දුන් ත්‍රෙඩ්ස් නමැති ජංගම දුරකථන යෙදවුම සඳහා පළමු දිනයේදී කෝටි 03 කට ආසන්න පරිශීලකයන් පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.

පළමු පැය 07 ඇතුළත පමණක් කෝටි 10 ක පිරිසක් ලියාපදිංචි ඇති බවයි මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් තහවුරු කර ඇත්තේ.

ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්ට අයත් ට්විටර් යෙදවුමට සමාන විශේෂාංග ඇතිව ත්‍රෙඩ්ස් යෙදවුම නිර්මාණය කර තිබෙනවා.

කෙසේවෙතත් නියාමන රෙගුලාසි හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රටවල තවමත් ත්‍රෙඩ්ස් යෙදවුම බාගත කිරීමේ අවස්ථාව නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ට්විටර් සමාගම විසින් ත්‍රෙඩ්ස් යෙදවුමට එරෙහිව නඩු පැවරීමට සූදානම් වනවා.

ඒ සිය විශේෂාංග නීති විරෝධී අයුරින් නැවත නිර්මාණය කර ඇති බවට චෝදනා කරමින්.

Ausලංකා TV Updates දැන් Threads හරහාත්

දැන්ම Follow කරන්න – https://www.threads.net/@auslankatv

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »