පාසල් පැවැත්වෙන සෑම දිනයකම මුලු දිනය පුරා සිසුන්ට ජංගම දුරකථන සහ ස්මාර්ට්වොච් භාවිතය තහනම් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ලබන වසරේ පළමු වාරයේ පළමු දිනයේ සිටම මෙය ක්‍රියාවට නැංවෙන අතර විවේක කාලවලදී පවා දුරකථන භාවිතය ක්වීන්ස්ලන්ඩ් පාසල්වල මේ අනුව අත්හිටුවීමට නියමිතයි.
දැනට ප්‍රාන්තයේ පාසල් අතුරින් සියයට 95 ක පමණ ජංගම දුරකථන සීමා බලාත්මක වුවද එයින්ද සියයට 15 ක පමණ විවේක කාලවල එය බලාත්මක වන්නේ නැහැ.
මේ දක්වා ප්‍රාන්ත රජය මට්ටමින් පාසල් තුළ ජංගම දුරකථන සීමා ක්‍රියාත්මක නොවු එකම ප්‍රාන්තය වන්නේ ක්වීන්ස්ලන්ඩ් පමණයි.
ඒ අනුව මේ පිළිබඳ කරුණු සෙවීමට ප්‍රාන්ත රජය විසින් කමිටුවක් පත් කල අතර එහි නිර්දේශ අනුවයි මෙම පාසල් ජංගම දුරකථන සීමා බලාත්මක කිරීමට නියමිතව ඇත්තේ.
කිසියම් හදිසි අවස්ථාවකදී දෙමව්පියන් දැනුවත් කිරීමට වෙනම විධිවිධාන සකස් කිරීමටද මෙහිදී යෝජනා වී තිබෙනවා.