
ඉන්ෆ්ලුවන්සා රෝග ආසාධනයෙන් රෝහල්ගත කර දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන පිරිසෙහි සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
මෙලෙස රෝහල්ගත කෙරෙන පිරිසෙන් සැළකිය යුතු පිරිසක් වයස අවුරුදු 16 ට අඩු වයස් කාණ්ඩයේ වන බව සඳහන්.
නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ වාර්තා අනුව මෑතකාලීන රෝහල්ගත කිරීම් අතුරින් සියයට 40 ක් පමණ ඉන්ෆ්ලුවන්සා ආසාධිතයන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙතෙක් එන්නත්කරණයට ලක් කර නොමැති දරුවන් හැකි ඉක්මණින් ඒ සඳහා යොමු කරවන ලෙසයි සෞඛ්‍ය අංශ දෙමව්පියන්ට දන්වා සිටින්නේ.
ගර්භණී කාන්තාවන් මෙන්ම වැඩිහිටි පිරිස් ද අවධානම් කාණ්ඩයටයි ඇතුළත් වන්නේ.
