Search

ට්‍රම්ප් පුතාගේ ඔස්ට්‍රේලියානු සංචාරය කල් යයි

අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පුත්‍රයා වැඩිමහල් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් ගේ ඔස්ට්‍රේලියානු සංචාරය කල් දමා තිබෙනවා.

ලබන 09 වනදා සිට 11 වනදා දක්වා කාලය තුළ මෙල්බන් – සිඩ්නි සහ බ්‍රිස්බන් නගරවලදී ජන හමු කිහිපයක් පැවැත්වීමටයි ඔහු සුදානමින් සිටියේ.

කෙසේවෙතත් වීසා ලැබීමේ ප්‍රමාදයක් හේතුවෙන් මෙම සංචාරය කල් දැමීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් තීරණය කර තිබෙනවා.

ඉතා ඉක්මණින් නව දින වකවානු ප්‍රකාශයට පත් කරන බවත් සංවිධායකයන් ප්‍රකාශ කලා.

ප්‍රාන්ත 03 ම රැස්වීම් සඳහා 8,000 කට ආසන්න පිරිසක් ප්‍රවේශපත්‍ර මිළදී ගෙන තිබූ බවයි පැවසෙන්නේ.

VIP වර්ගයේ ප්‍රවේශපත්‍රයක් ඩොලර් 2,500 කට අලෙවි කර තිබුණා.

මෙම රැස්වීම් මාලාව සම්බන්ධයෙන් කිසිම් ආන්දෝලාත්මක තත්වයක්ද මතුවී තිබුණේ එහිදී වර්ගවාදී අදහස් ප්‍රචාරය වනු ඇතැයි යන සැකය හේතුවෙනුයි.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »