චොකලට් මිළ කැපී පෙනෙන ලෙස ඉහළ යන අනාවැකි

ඉදිරියේදී චොකලට් මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

කොකෝවා මිළ ගණන් ඉහළම අගයකට වැඩිවීම ඊට ප්‍රධාන හේතුව ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

අධික ඉල්ලුම මෙන්ම කොකෝවා වැඩි වශයෙන් නිෂ්පාදනය කරන අප්‍රිකානු කලාපයේ කාළගුණ විපර්යාස හමුවේ නිෂ්පාදනයේ පහළයාම ද ඊට බලපා තිබෙනවා.

මෙම වසර තුළ දැනටමත් කොකෝවා මිළ ගණන් සියයට 21 කට ආසන්න අගයකින් ඉහළගොස් ඇති බව සඳහන්.

කොකෝවා වගාව ආශ්‍රිතව පැතිර යන රෝග තත්වයක් හේතුවෙන්ද නිෂ්පාදනය අඩාල වී ඇති බවටයි වාර්තා පළවන්නේ.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »