වසර 04 කදී child care ගාස්තු 20% – 32% ත් අතර අගයකින් ඉහළට

පසුගිය වසර 04 තුළදී උද්ධමකය සහ වැටුප් වැඩිකිරීම් ප්‍රතිශතයන්ට වඩා කැපී පෙනෙන අගයකින් child care ගාස්තු ඉහළගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම සිදුකර ඇති විශ්ලේෂණයක දැක්වෙන්නේ child care මධ්‍යස්ථාන – නිවාස දිවා සුරැකුම් ඇතුලු සියලු සේවා ගාස්තු සියයට 20 ත් 32 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව child care ගාස්තු සහනයක් දීමෙන් පසු එක් දරුවෙකු වෙනුවෙන් දිනකට වැයවන මුදල ඩොලර් 13 ත් 60 ත් අතර වන බවටයි තක්සේරු කර ඇත්තේ.

වයස අවුරුදු 05 ට අඩු ළමුන් අතුරින් සියයට 70 ක් හෙවත් ලක්ෂ 12 කට ආසන්න පිරිසක් ද අවුරුදු 06 ත් 13 ත් අතර ළමුන්ගෙන් 655,000 ක පමණ පිරිසක්ද මෙම කාල සීමාව තුළ child care සේවා සඳහා සහභාගී වී තිබෙනවා.

child care ගාස්තු සහනය පසුගිය ජූලි පළමුවනදා සිට ඉහළ දමනු ලැබුවා.

එමෙන්ම ඉදිරියේදී ලබාදිය හැකි තවත් සහන පිළිබඳ මහජන අදහස් විමසීමක් ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භවන අතර එම අවසන් වාර්තාව දෙසැම්බර් වනවිට ලැබීමටයි නියමිතව ඇත්තේ.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »