මාස ගණනකට පසු ඔස්ට්‍රේලියාව තුළ ඉන්ධන මිළ ගණන් අඩුම අගයට

මාස ගණනකට පසු ඔස්ට්‍රේලියාව තුළ ඉන්ධන මිළ ගණන් අඩුම අගය සටහන් කර තිබෙනවා.

ඒ අනුව බොහෝ නගරවල පෙට්‍රල් ලීටරයක මිළ ඩොලර් 1.75 කට ආසන්නව පවතින අතර මෙම තත්වය සති අන්තය දක්වා අපේක්ෂා කල හැකියි.

කෙසේවෙතත් ලබන සතියේදී නව පාසල් වාරය ආරම්භවීමත් සමග යළිත් සිඩ්නි ඇතුලු ප්‍රධාන නගර රැසක ඉන්ධන මිළ නැවතත් ඉහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.

එහිදී පෙට්‍රල් මිළ නැවතත් ඩොලර් 02 කට ආසන්න අගයකට වැඩිවනු ඇති බවද සඳහන්.

https://www.9news.com.au/national/petrol-prices-australia-fuel-costs-lowest-level-in-months-hike-expected/0149e2ee-c3b5-4d8f-a7b1-e8a6c7d68672

 

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »