Search

වෛද්‍යවරුන් ප්‍රාදේශීය කලාපවලින් පුහුණු ඇරඹීම NSW ප්‍රාන්තය පුරා

නවක වෛද්‍යවරුන්ගේ පුණුව ප්‍රාදේශීය කලාපවලින් ආරම්භ කිරිමේ යෝජනාව සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ව්‍යාප්ත කිරීමට ෆෙඩරල් රජය අනුමැතිය දී තිබෙනවා.

එය පළමුවෙන් ප්‍රාදේශීය කලාප කිහිපයක අත්හදා බැලුණු අතර එහි සාර්ථකත්වය මතයි මෙලෙස සමස්ත ප්‍රාන්තය පුරා ව්‍යාප්ත කරනු ලබන්නේ.

මේ අනුව ලබන වසර සඳහා දැනටමත් නවක වෛද්‍යවරුන් 80 දෙනෙකු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට ෆෙඩරල් රජය විසින් අවසර දී තිබෙනවා.

දුෂ්කර සහ ප්‍රාදේශීය කලාපවල පවතින වෛද්‍ය හිගය මගහරවාලීමට මේ හරහා හැකිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මාතෘ නිවාඩු ඇතුලු සියලුම වරප්‍රසාද ද ඔවුන්ට හිමිවීමට නියමිතයි.