මෙල්බන් මෝනින්ග්ටන් පෙනින්සියුලා ප්රදේශයේදී මගී ප්රවාහන බස් රථයක් නිවාස වෙත කඩා වැදීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
අදාළ බස් රථය ට්රක් රථයක ගැටීමෙන් අනතුරුව වැටකටද හානි සිදුකරමින් නිවාස වෙත කඩා වැදී ඇති බව සඳහන්.
ඒ වනවිට බස් රථයේ 13 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
ට්රක් රථයේ සිටි දෙදෙනා සුලු තුවාල ලබා ඇති බව සඳහන්.
අනතුර සිදුවනවිට නිවාසවලද කිසිවෙකුත් සිට නොමැති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.