පොළී අනුපාතික වැඩි නොකිරීම ගැන අගමැතිගේ ප්‍රසාදය

පොළී අනුපාතික අගයන් ඉහළ නොදැමීමට ෆෙඩරල් සංචිත බැංකුව ගත් තීරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රසාදය පළකරනවා.

ඔස්ටේ්‍රලියා ආර්ථිකය පිළිබඳ ධනාත්මක ලක්ෂණයක් එමගින් නිරූපණය වන බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

වත්මන් ලේබර් පක්ෂ රජයේ පළමු වසර තුළදී නව රැකියා 465,000 ක් බිහි කිරීමට හැකියාව ලැබුණු බව අගමැති ඇල්බනීස් සඳහන් කරනවා.

Medicare – Childcare – ගාස්තු රහිත අධ්‍යාපන පාඨමාලා වැනි සහන සඳහා ඩොලර් බිලියන ගණනක මුදලක් වැය කර ඇති පසුබිමක අයවැය අතිරික්තයක් වාර්තා කිරීමට වත්මන් රජය සමත්වු බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

කෙසේවෙතත් ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළකරන්නේ පොළී අනුපාතික ඉහළ නොදැමීම තාවකාලික බවයි.

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »