Search

ප්‍රේක්ෂකයන්ට නොදන්වා ඔස්ට්‍රේලියා ක්‍රීඩාංගණ කරන රහසිගත වැඩක්

ඔස්ට්‍රේලියානු ක්‍රීඩාංගණ රැසක් නරඹන්නන් හෝ ප්‍රේක්ෂකයන්ගේ පූර්ව අනුමැතියකින් තොරව මුහුණු තහවුරු කරගැනීමේ තාක්ෂණය (facial recognition technology) භාවිත කරන බවට චෝදනා එල්ලවනවා.

සිඩ්නි සහ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණද ඒ අතර වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

පූර්ව අනුමැතියකින් තොරව සිදුකරන මෙම ක්‍රියාව පුද්ගලිකත්වයට බලපෑමක් බැවින් වහා විමර්ශනයක් ආරම්භ කල යුතු බවටයි පාර්ශව රැසක් අවධාරණය කර සිටින්නේ.

කෙසේවෙතත් දහස් සංඛ්‍යාත පිරිසක් ඒකරාශීවන ස්ථාන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරලීම අරමුණු කරගෙන එය සිදුකරන බව අදාළ ක්‍රීඩාංගණ බළධාරීන් පවසා තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාල 02 ක්ද facial recognition technology නොදන්වා භාවිත කරන බවට පසුගියදා තහවුරු වූ අතර ඒ අනුව ඔවුන්ට එරෙහිව පාරිභෝගික කොමිසම විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »