ඔස්ට්‍රේලියාවේ සතියක Debit – Credit කාඩ් විරෝධයක්

මුදල් වෙනුවට ඉලෙක්ට්‍රොනික මුදල් ගෙවීම් කාඩ්පත් භාවිතය ඉහළ දැමීමට විරෝධය පළකරමින් ඔස්ට්‍රේලියානුවන් පිරිසක් සතියක විරෝධතා කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ලබන ජූලි 10 වනදා දක්වා කාලය තුළ ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය මුලුමණින්ම අත්හිටුවා සාමාන්‍ය මුදල් නෝට්ටු භාවිතයෙන් ගෙවිම් සිදුකිරීමයි එහිදී සිදුවන්නේ.

“Cash Only Week” ලෙස මෙම ව්‍යාපාරය නම් කර ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඉහළ ප්‍රතිචාරයක් හිමිවී ඇති බවටයි වාර්තා පළවන්නේ.

කාඩ්පත් මගින් මුදල් ගෙවීම් හරහා වක්‍රාකාරයෙන් බැංකු විසින් අමතර ගාස්තු අයකරන බවයි අදාළ විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ.

එමෙන්ම විවිධ හේතු දක්වමින් මුදල් නෝට්ටු භාවිතයෙන් ඈත්වීමට විවිධ පාර්ශව දරන උත්සාහයන් පරාජය කිරීමද “Cash Only Week” සතියේ අරමුණක් වී තිබෙනවා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »