ඇඩිලේඩ් මාස 17 ක බිළිඳෙකු ඝාතනයට 30 හැවිරිදි තැනැත්තෙකුට චෝදනා

ඇඩිලේඩ් නගරයේ වාසය කල මාස 17 ක් වයසැති බිළිඳෙකු ඝාතනය සම්බන්ධයෙන් 30 හැවිරිදි තැනැත්තෙකුට චෝදනා ගොණු කර තිබෙනවා.

හිසට සිදුවූ දරුණු තුවාල සහිතව මෙම බිළිඳා රෝහල්ගත කෙරුණේ පසුගිය මාසයේ 07 වනදායි.

ඉන් දින 02 කට පසු ඔහු ජීවිතක්ෂයට පත්වුණා.

සැකකරුට ඇප ප්‍රතික්ෂේප වූ අතර අද ඇඩිලේඩ් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

පුද්ගල ඝාතනය ඇතුලු චෝදනා කිහිපයක් එහිදී ගොණු කෙරෙනු ඇති.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »