වික්ටෝරියා Pakenham ප්‍රදේශයට සුලු භූ චලනයක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් සතියක් තුළ දෙවන භූමි කම්පාවත් සටහන් වී තිබෙනවා.

මෙල්බන් නාගරික කලාපයේ සිට කිලෝමීටර් 53 ක් ගිණිකොන දිගින් පිහිටි පැකනම් ප්‍රදේශයෙනුයි අද අලුයම 1.26 ට පමණ මෙම කම්පනය සටහන්වී ඇත්තේ.

පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් ගැඹුරින් සටහන් වූ මෙම භූ චලනය රික්ටර් මාපකයේ ඒකක 2.4 ක් හෙවත් ඉතා සුලු භූ චලනයක් ලෙස වාර්තා වී තිබෙනවා.

මෙහිදී කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සටහන් වී නොමැති බව කාළගුණ කාර්යාංශය සඳහන් කලා.

මෙල්බන් නගරයට කිලෝමිටර් 127 ක් නැගෙනහිර රෝසන් ප්‍රදේශයෙන් රික්ටර් මාපකයේ ඒකක 4.6 ක ප්‍රබල භූමිකම්පාවක් සටහන්වූයේ මීට දින කිහිපයකට ඉහතදීයි.

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »