Cash rate අගය නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය වෙයි

Cash rate අගය නොවෙනස්ව පවත්වාගෙන යාමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කර තිබෙනවා.

මේ අනුව එම අගය සියයට 4.1 ක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති.

උද්ධමනය මෙන්ම විරැකියාවද පහළ අගයක් ගැනීම මෙම තීරණයට හේතුවූ බවයි ෆෙඩරල් සංචිත බැංකුව නිවේදනය කලේ.

2022 මැයි මාසයේ සිට ගතවූ කාලය තුළ Cash rate අගය වෙනස් නොවූ දෙවන අවස්ථාව මෙයයි.

එහෙත් ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ පසුගියදා අනාවැකි පළකර තිබුණේ ආර්ථික තත්වය ස්ථාවර මට්ටමකට පත්වන තුරු පොළී අනුපාතික අගයන් වැඩි කිරීමට සිදුවන බවයි.

ආර්ථික විශ්ලේෂකයන්ට අනුව තවත් මාස කිහිපයක් තුළ ඔස්ටේ්‍රලියාවේ Cash rate අගය සියයට 4.6 දක්වා ඉහළ ගොස් අනතුරුව ක්‍රමයෙන් නැවත අඩු වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »