
AI හෙවත් කෘත්‍රීම බුද්ධියේ බලපෑම හමුවේ ඔස්ටේ්‍රලියාව තුළ රැකියා අහිමිවීමේ වැඩිම බලපෑම සහිත ප්‍රදේශ නම් කර තිබෙනවා.
ඒ අනුව වැඩිම බලපෑම සහිත නගරය බවට මෙල්බන් පත්ව ඇති අතර මෙල්බන් නාගරික කලාපයේ 16,490 කට ආසන්න පිරිසකට ඉදිරියේදී රැකියා අහිමිවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
දෙවන ස්ථානයට වික්ටෝරියා පොයින්ට් කුක් ප්‍රදේශය පත්ව ඇත්තේ පුද්ගලයන් 16,132 දෙනෙකුගේ රැකියා අවධානම් තත්වයකට පත්කරමිනුයි.

මෙල්බන් හි ක්‍රේගිබර්න් 03 වන ස්ථානයටත් – බෙරික් 04 වන ස්ථානයටත් – ටානෙයිට් 05 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.
කෘත්‍රීම බුද්ධියේ බලපෑම හමුවේ ගකියා අහිමිවිය හැකි අවධානමෙහි 06 වන ස්ථානයට වික්ටෝරියා හි රෙසවොයර් ප්‍රදේශය පත්වන්නේ 11,440 දෙනෙකුගේ රැකියා අවධානම හේතුවෙනුයි.

වික්ටෝරියා හි පැකනම් 07 වන ස්ථානයටත් – නිවු සවුත් වේල්ස් හි බ්ලැක්ටවුන් 08 වන ස්ථානයටත් – වික්ටෝරියා හි වෙරිබි 09 වන ස්ථානයටත් නිවු සවුත් වේල්ස් හි කාසල් හිල් 10 වන් ස්ථානයටත් පත්වී තිබෙනවා.