ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට එල්ලවූ අපහාස ගැන විමර්ශනයක් ඉල්ලයි

අලුබඳුන 02 වන තරගය අතරතුර එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා මණ්ඩපය තුළදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අපහසුතාවයට ලක් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය එරට එම් සී සී ක්‍රිකට් සමාජයෙන් කරුණු විමසා තිබෙනවා.

අළු බඳුන දෙවැනි තරගයද ලකුණු 43 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව ජූලි 02 වනදා සමත්වුණා.

ලෝඩ්ස් ක්‍රීඩා පිටියෙ පැවති එම තරගය අතරතුර සහ තරගයෙන් අනතුරුව ප්‍රේක්ෂකයින්ගෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට නොයෙකුත් අපහාසවලට මුහුණදිමට සිදුවුණා.

එංගලන්තයේ එම් සී සී ක්‍රිකට් සමාජයේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද ඒ අතර වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙලෙස කරුණු විමසා ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු කඩුලූ රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි විසින් එංගලන්ත ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝ ස්ටම්ප් කිරීමත් සමගයි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වෙත එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් දිගින් දිගටම අපහාස එල්ල වූයේ.

සුළු පිරිසකගේ හැසිරීම කිසිදු අයුරකින් පිළිගත නොහැකි බව එම් සී සී ක්‍රීඩා සමාජය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »