ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරගය ඔක්තෝබර් 16 දා

ලබන ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේදී ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 7 වනදා දකුණු අප්‍රිකාව සමගත්, ඔක්තෝබර් 12 වනදා පකිස්තානය සමගත්, ඔක්තෝබර් 16 වනදා ඔස්ට්‍රේලියාව සමගත් ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතයි.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් සිය ස්ථානය හිමිකරගන්නා අනෙක් කණ්ඩායම සමග ඔක්තෝබර් 21 වනදා තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 26 වනදා එංගලන්තයට එරෙහිවත්, ඔක්තෝබර් 30 වනදා ඇෆ්ගනිස්තානයට එරෙහිවත්, නොවැම්බර් 02 වනදා ඉන්දියාවට එරෙහිවත් තරග වදිනු ඇති.

නොවැම්බර් 6 වනදා බංග්ලාදේශය සමග ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මුහුණ දෙන මුල් වටයේ අවසන් තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 09 වනදා නවසීලන්තයට එරෙහිවයි.

එළැඹෙන ඔක්තෝබර් 05 වනදා ඉන්දියාවේදී ආරම්භ වන 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දින 46 ක් පුරා ක්‍රීඩාංගණ 10 කදී පැවැත්වීමට නියමිතයි.

ඒ වෙනුවෙන් රටවල් 10 ක් ක්‍රීඩා කරන අතර තරගාවලියට තරග 48 ක් ඇතුළත්.

එම රටවල් 10 වන්නේ ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අවස්ථාව දිනාගන්නා අනෙක් කණ්ඩායමයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »