
ඔස්ට්‍රේලියානුවන් වසර 15 කට පසු ඉහළම උකස් ණය පීඩනය වර්තමානයේ අත් විඳිමින් සිටින බවට අනාවරණය කරගෙන තිබෙනවා.
රෝයි මෝගන් සමීක්ෂණ ආයතනය සිදුකර ඇති නවතම අධ්‍යයනයකට අනුව හෙළිකරගෙන ඇත්තේ මිලියන 1.43 ක් හෙවත් සමස්ත උකස් ණය හිමියන්ගෙන් සියයට 28.8 කට ආසන්න පිරිසක් අධි අවධානම් කාණ්ඩයේ පසුවන බවයි.
අවසන් මාස 03 තුළදී තවත් පිරිසක් එම කාණ්ඩයට ඇතුළත් වී ඇති බවටද අනාවරණය කරගෙන තිබෙනවා.

පසුගිය මාස 12 තුළදී 627,000 කට ආසන්න පිරිසක් අලුතින් උකස් ණය හිමියන් බවට පත්වී ඇති බවද සඳහන්.
ෆෙඩරල් සංචිත බැංකුව අද දිනයේදී පොළී අනුපාතික අගයන් පිළිබඳ නවතම නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.

කිසියම් අයුරකින් එහිදීද cash rate අගය ඉහළයාමක් සිදුවුහොත් උකස් ණය වාරික අගයන් නැවතත් වැඩිවනු ඇති.