
ඔස්ට්‍රේලියානු උපාධිධාරීන් අතුරින් දැනට විදෙස්ගතව සිටින්නන් විසින් ගෙවීමට ඉතිරිව පවතින ශිෂ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියනයකට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.
එය සමස්ත ශිෂ්‍ය ණය ප්‍රමාණයෙන් සියයට 1.3 ක් බවටයි අනාවරණය වී ඇත්තේ.
විදෙස්ගතව සිටින ඔස්ට්‍රේලියානු උපාධිධාරීන් 40,200 ක් පමණ ශිෂ්‍ය ණය ගෙවීමට ඉතිරිව පවතින බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

දැනට ඔස්ට්‍රේලියානු සමස්ත ශිෂ්‍ය ණය ලාභීන් විසින් ගෙවීමට පවතින මුලු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 74 ක් පමණ වනවා.
පසුගිය ජූනි 01 වනදා සිට ශිෂ්‍ය ණය පොළිය සියයට 7.1 කින් ඉහළ දමනු ලැබූ අතර ඒ අනුව මුලු හිග ණය ප්‍රමාණය ඩොලර් මිලියන 70 කින් පමණ ඉහළ ගියා.
