Search

තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට දෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව මුල්‍ය දීමනා ඉහළට

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ලබාදෙන මුල්‍ය දීමනා ඊයේ සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව මෙතෙක් ලබාදී තිබූ ඩොලර් 3,000 මූල්‍යාධාරය ඩොලර් 5,000 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සමාන මට්ටමේ මුල්‍ය සහයෝගයක් තාවකාලික වීසා බලපත්‍රලාභීන්ටද මෙලෙස හිමිවනුයේ පළමු අවස්ථාවටයි.

පුද්ගලයින් 2,000 කට පමණ මෙම ආධාරය ලබාදීමට ෆෙඩරල් රජය අපේක්ෂා කරන අතර මෙම දීමනා වැඩි කිරීම සඳහා රජය වසර දෙකක් තුළ ඩොලර් මිලියන 4.4 ක් වෙන් කර තිබෙනවා.

සෑම සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන් 03 දෙනෙකුගෙන් එක් අයෙකු කිසියම් හෝ ආකාරයක පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී ඇති බව මොනෑෂ් විශ්ව විද්‍යාලය 2021 වසරේදී සිදුකළ අධ්‍යයනයකින් පෙන්නුම් කරනු ලැබුවා.

සෑම ඔස්ට්‍රේලියානු කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකු ගෘහස්ථ හිංසනය අත්විඳින බවද එහිදී හෙළිවී තිබෙනවා.