ඉහළ විදුලි බිල් නිසා ඔස්ට්‍රේලියානුවන් හීටර් භාවිතය අත් හරී

ශීත සෘතුව එළඹුණද ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් උණුසුම ලබාගැනීමේ ක්‍රම (heating) සඳහා වෙන් කර ඇති මුදල් ඉතිරි කිරීමට පෙළඹී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

Finder ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ විදුලි ගාස්තු ඉහළ අගයක් ගැනීම හමුවේ නිවාස මිලියන 06 ක් හෙවත් සමස්ත ජනගහණයෙන් සියයට 72 ක් පමණ හීටර් භාවිතය අවම කර ඇති බවයි.

තවත් සියයට 13 ක් පමණ කිසිදු අයුරකින් හීටර් භාවිත නොකරන තත්වයකට පත්ව ඇති බවද සඳහන්.

පසුගිය පළමුවනදා සිට සියයට 20 ත් 25 ත් අතර අගයකින් විදුලි ගාස්තු ඉහළ දමනු ලැබුවා.

මේ අතර ක්ෂේත්‍රයේ විද්වතුන් විදුලි පාරිභෝගිකයන්ට දන්වා සිටින්නේ මාස 12 කට වරක් හෝ ඉහළම ප්‍රතිලාභයක් හිමිවන විදුලි සැළසුමක් වෙත හුවමාරු වන ලෙසයි.

SOURCE – https://www.9news.com.au/national/energy-price-rises-millions-of-aussie-households-cutting-back-on-heating-as-costs-surge/566d40ad-0c4f-4fd5-9b64-33b035d310ca

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »