කොරෝනා වසංගතයේ පැතිර යාම අවම කිරීමට​ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය දින 6කට වසා දැමේ!

කොරෝනා වසංගතයේ පැතිර යාම අවම කිරීමට​ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය දින 6කට වසා දැමේ!

South Australia ordered into six-day lockdown amid coronavirus outbreak!

අද(18/11) මධ්‍යම රාත්‍රියේ සිට දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉදිරි දින හය සඳහා සියලුම පාසල්, පබ්, කැෆේ, ආහාර අලෙවිසැල් සහ ඉදිකිරීම් කර්මාන්ත වසා දමනු ඇත. නිවසින් පිටත ව්‍යායාම කිරීම තහනම් කෙරේ.

දකුණු ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රධාන අවශ්‍යතාවන්ට සඳහා හැර නිවසින් බැහැර වීමට නොහැක​. සෑම දිනකම නිවසින් පිටව යා හැක්කේ එක් නිවසකින් එක් පුද්ගලයෙකුට පමණි.

තම නිවෙස්වලින් පිටත සිටින සෑම විටම මුහුණු ආවරණ පැළඳීමට මිනිසුන් උනන්දු කරනු ලැබේ.

විශ්ව විද්‍යාල සහ සියලුම එළිමහන් ක්‍රීඩා වසා දමන අතර තෝරා ගැනීමේ සැත්කම් නතර වනු ඇත. මංගල උත්සව සහ අවමංගල්‍ය කටයුතු ද තහනම් කෙරේ.

හදිසි සත්කාර​ සහ පිළිකා ප්‍රතිකාර සිදු කිරීමට​ ඉඩ දෙනු ලැබේ.

අත්‍යවශ්‍ය සේවකයින්ගේ දරුවන්ට පමණක් පෞද්ගලිකව පාසලට යාමට අවසර ලැබේ.

(ABCNews)

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »