Cash rate අගය අද 4.35% දක්වා ඉහළ යන ළකුණු

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් සංචිත බැංකුව විසින් අද දිනයේදී නැවතත් පොළී අනුපාතික අගයන් ඉහළ දමනු ඇති බවට අනාවැකි පළවනවා.

දැනට cash rate අගය සියයට 4.1 ක් ලෙස පවතින අතර එය පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 4.35 ක් දක්වා අද දිනයේදී වැඩි වනු ඇති බව සඳහන්.

කෙසේවෙතත් උද්ධමනය මෙන්ම විරැකියාවද පහළ අගයක පවතින වාතාවරණයකදී මෙලෙස පොළී අනුපාතික ඉහළ දැමීම අනපේක්ෂිත තත්වයක් බවටද ආර්ථික විද්වතුන් මත පළකරනවා.

එහෙත් ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ පසුගියදා අනාවැකි පළකර තිබුණේ ආර්ථික තත්වය ස්ථාවර මට්ටමකට පත්වන තුරු පොළී අනුපාතික අගයන් වැඩි කිරීමට සිදුවන බවයි.

ආර්ථික විශ්ලේෂකයන්ට අනුව තවත් මාස කිහිපයක් තුළ ඔස්ටේ්‍රලියාවේ cash rate අගය සියයට 4.6 දක්වා ඉහළ ගොස් අනතුරුව ක්‍රමයෙන් නැවත අඩු වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »