Tax return වංචා පණිවුඩ ඉහළ යා හැකි බවට අනතුරු ඇගවීමක්

Tax return සඳහා අයදුම් කිරීමේ කාලය උදාවීමත් සමග වංචා සහගත පණිවුඩ ලැබීම ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම අනතුරු අගවනවා.

MyGov සහ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ලෙසින් පැමිණෙන කෙටි පණිවිඩ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

බැංකු ගිණුම් විස්තර – ක්‍රෙඩිට් කාඩ් අංක වැනි අතිශය පුද්ගලික තොරතුරු කිසිවක් බදු කාර්යාලය විසින් කිසිදු අවස්ථාවක ඉල්ලා නොසිටින බවද අවධාරණය කෙරෙනවා.

එමෙන්ම Tax Return ලබාගත හැකි බව දක්වමින් කෙටි පණිවිඩ යොමු කිරීම පවා සිදු නොවන බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දන්වා සිටිනවා.

tax Return ඉල්ලුම් කල හැකි කාලය පසුගිය සෙනසුරාදා සිට ආරම්භ කෙරුණා.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »