ඔස්ට්‍රේලියා නව දූෂණ කොමිසම අරඹා දින 02 ක් තුළ පැමිණිලි 44 ක්

ඔස්ට්‍රේලියාවේ නව දූෂණ මර්දන කොමිසමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කර දින 02 ක් තුළදී පැමිණිලි 44 ක් ලැබී තිබෙනවා.

මින් ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මහජන කරුණු විමසීම් පවා පැවැත්වීමට සිදුවනු ඇති බවයි කොමිසමේ කොමසාරිස් පෝල් බෙරටන් සඳහන් කලේ.

ප්‍රකට විගණන සමාගමක් වන PwC සම්බන්ධ බදු තොරතුරු වංචාව සම්බන්ධ පැමිණිල්ලද ඒ අතර වනවා.

තමන්ට ලැබෙන පැමිණිලි අතුරින් සියයට 90 ක් පමණ වසරක් තුළදි විමර්ශනය කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද නව දූෂණ මර්දන කොමිසම සඳහන් කලා.

ප්‍රාන්ත සහ ජාතික මට්ටමේ හිටපු සහ වත්මන් දේශපාලනඥයන් රැසක් සම්බන්ධ පැමිණිලිද කොමිසමට මේ වනවිටත් ලැබී තිබෙනවා.

වත්මන් ලේබර් පක්ෂ රජය පසුගිය වසරේ පැවති ෆෙඩරල් මැතිවරණයේදී ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමිනුයි මෙම දූෂණ මර්දන කොමිසම ස්ථාපිත කරනු ලැබුවේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »