
අඛණ්ඩව 04 වන දිනයටත් සිඩ්නි ගුවන් තොටුපළේ සිට ක්‍රියාත්මක අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කර හෝ ප්‍රමාද කිරීම්වලට ලක් වී තිබෙනවා.
ගුවන් මගීන් චෝදනා කරන්නේ ගුවන් තොටුපළට පැමිණෙන තුරුම සිය ගුවන් ගමන අවලංගු කර ඇති බවට ගුවන් සමාගම් විසින් කිසිදු දැනුම්දීමක් සිදු නොකල බවටයි.
මෙම තත්වය හමුවේ සිය සංචාර සැළසුම් මුලුමණින්ම අඩාල වූ බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

අයහපත් කාළගුණ තත්වය ඇතුලු කරුණු කිහිපයක් හමුවේ පසුගිය සිකුරාදා සිට මේ දක්වා සිඩ්නි ගුවන් තොටුපළේ ගුවන් ගමන් වාර 150 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රමාද කර හෝ අවලංගු කර ඇති බව සඳහන්.
මේ අතර වැඩිම බලපෑමක් එල්ල වී ඇති වර්ජින් ගුවන් සේවය අද පෙරවරුවේ මගීන්ගෙන්ප සමාව අයැද තිබෙනවා.
