Search

NSW රාජ්‍ය සේවක උපරිම වැටුප් සීමාව සැප්තැම්බර් මාසයේ සිට ඉවතට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රාජ්‍ය සේවකයන් සඳහා දැනට බලාත්මක උපරිම වැටුප් සීමාව ඉවත් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය ඇතුලු අත්‍යවශ්‍ය සේවා රැසක දැනට පවතින සේවක හිගය මගහරවාලීමේ අරමුණ ඇතිවයි ලබන සැප්තැම්බර් මාසයේ සිට මෙම උපරිම වැටුප් සීමාව ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම ලබන වසරේ සිට සේවක වැටුප් සියයට 4.5 කින් ඉහළ දැමීමටත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

ඒ සඳහා ඩොලර් මිලියන 600 ක පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

දැනට නිවු සවුත් වේල්ස් හි පවතින නීතිට අනුව ලබාදිය හැකි උපරිම වැටුප් වැඩි කිරීම් ප්‍රතිශතය සියයට 2.5 ක්.

පසුගිය මාර්තු මස පැවති ප්‍රාන්ත මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් අනුවයි මෙම වැටුප් වැඩිකිරීම සිදුකර ඇත්තේ.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »