2023 වික්ටෝරියා ප්රාන්ත ස්වේච්ඡා සම්මාන සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
වික්ටෝරියා හි වාසය කරන විවිධ ජන ප්රජාව වෙනුවෙන් ස්වේච්ඡා සේවා සිදුකරන පුද්ගලයන් – නායකයන් සහ සංවිධාන සඳහා මේ වෙනුවෙන් අයදුම්කල හැකියි.
වික්ටෝරියා ප්රාන්ත රජයේද සහය ඇතිව Volunteering Victoria ආයතනය විසින් සුදුසුකම් සහිත සම්මානලාභීන් තෝරා ගැනීමට නියමිතයි.
ලබන 17 වනදා දහවල් 12 දක්වා මීට අදාළ අයදුම්පත් යොමු කල හැකි අතර ලබන නොවැම්බර් මාසයේදී ජයග්රාහකයන් ප්රකාශයට පත් කෙරෙනු ඇති.
කාණ්ඩ 10 ක් යටතේ සම්මාන පිරිනැමෙන බවයි නිවේදනය කර සිටින්නේ.
මේ පිළිබඳ සවිස්තර තොරතුරු https://www.volunteeringvictoria.org.au/events/awards/වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි වනවා.