
ඔස්ට්‍රේලියාවේ පළමු නොමිළයේ ශූක්‍ර ධාතු සහ ඩිම්බ බැංකුව වික්ටෝරියා ප්‍රාන්තයේදී ස්ථාපිත කර තිබෙනවා.
ඒ අනුව මද සරුභාවයෙන් පෙළෙන පුද්ගලයන්ට නොමිළයේ එම සේවා ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.
කෙසේවෙතත් ඒ සඳහා වෛද්‍ය අනුමැතියද අනිවාර්ය වනවා.

එමෙන්ම සුදුසුකම් සහිත වික්ටෝරියානුවන්ට රෝහල වෙත පැමිණ ශූක්‍ර ධාතු සහ ඩිම්බ පරිත්‍යාග කිරීමටද හැකියාව පවතිනවා.
මේ හරහා වසරකදී ප්‍රතිකාර 3,500 ක් පමණ සිදුකිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

සාමාන්‍යයෙන් ප්‍රතිකාරයක් සඳහා වැයවන ඩොලර් 4,000 ත් 10,000 ත් අතර වන මුදලක් මේ හරහා ඉතිරිකර ගැනීමට හැකිවනු ඇති බවටද විශ්වාසය පළවනවා.