ඔස්ට්‍රේලියා Working Holiday වීසා ගැන විශේෂ දැනුම්දීමක්

අවුරුදු 35 දක්වා වන බ්‍රිතාන්‍ය ජාතිකයන්ටද ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා සඳහා අයදුම් කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

මෙතෙක් අවුරුදු 30 දක්වා අයට පමණක් එම අවස්ථාව පැවති අතර දෙරට අතර ඇතිකරගත් එකගතා ගිවිසුමට අනුව පසුගිය 01 වනදා සිට නව නියමය බලාත්මක වනවා.

ඒ අනුව බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් සහිත අවුරුදු 18 ත් 35 ත් අතර පුද්ගලයන්ට මෙරටට පැමිණ කෘෂිකර්ම – පතල් – ධීවර – හෝටල් – ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රවල රැකියාවල නිරතවිය හැකියි.

දැනට මාස 12 ක් බැගින් වන අවස්ථා 02 ක් සඳහා පමණක් Working Holiday වීසා බලපත්‍රය නිකුත් කෙරෙන අතර ලබන වසරේ සිට එය අවස්ථා 03 ක් දක්වා ඉහළ දැමීමට නියමිතයි.

මීට සමගාමීව බ්‍රිතාන්‍යයට ගොස් වසර 03 ක් දක්වා රැකියා කිරීමට අවුරුදු 35 ක් දක්වා වන වයසැති ඔස්ට්‍රේලියානු ගමන් බලපත්ලාභීන්ටද ලබන වසරේ සිට අවස්ථාව උදාවනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »