
සුපර් 06 වටයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගය ජයගනිමින් 2023 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම නායකයා සමත් වූ අතර ඔහු තීරණය කළේ, පළමුවෙන් පන්දු පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කිරීමටය.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 32යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී 165ක් රැස්කළහ.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Sean Williams ලකුණු 56ක් රැස්කළ අතර Sikandar Raza ලකුණු 31ක් රැස්කළහ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහේෂ් තීක්ෂණ කඩුලු 4ක් දවා ගත් අතර ඩිල්ෂාන් මධුශංක කඩුලු 3ක් දවාගත්හ.

මතීෂ පතිරණ කඩුලු 02යි.
ලකුණු 166ක ජයග්‍රහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33ක් එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පැතුම් නිශ්ශංක සිය දෙවන ශතකය රැස්කිරීමට සමත් විය.
පැතුම් නිශ්ශංක නොදැවී 100ක් රැස්කළේය.
දිමුත් කරුණාරත්න ලකුණු 30ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25ක් රැස් කළේය.