Search

මානසික රෝග සඳහා MDMA එක්ස්ටසි අනුමත කල පළමු රට ඔස්ට්‍රේලියාව වෙයි

මානසික රෝග ආබාධවලින් පෙළෙන්නන් සඳහා ප්‍රතිකාර ලෙස මත්පෙති අනුමත කල ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත්වී තිබෙනවා.

මේ අනුව ආතතිය සහ විශාදය යන රෝගවලින් පෙළෙන්නන් සඳහා MDMA හෙවත් එක්ස්ටසි යන මත් පෙත්ත අනුමත කිරීමට මෙරට මානසික වෛද්‍යවරුන්ට දැන් අවස්ථාව පවතිනවා.

ඔස්ට්‍රේලියානු ඖෂධ අධිකාරිය විසින් පසුගිය පළමුවනදා සිට බලාත්මක වන අයුරිනුයි එම අනුමැතිය ලබාදී ඇත්තේ.

මීට අදාළ නිල නොවන අනුමැතිය පසුගිය පෙබරවාරි මාසයේදී ලබාදී තිබුණද මෙතෙක් අදාළ මත්පෙති රෝගීන්ට නිර්දේශ කිරීමට අවසර ලැබී තිබුණේ නැහැ.

කෙසේවෙතත් ඇතැම්විට මෙහි බලපෑම අයහපත් අතට පත්වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බවටද මේ අතර අනතුරු ඇගවෙනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »