ඔස්ට්‍රේලියා සංචාරක රැකියා කොවිඩ් වසංගතයට පෙර මට්ටමට

සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කොවිඩ් වසංගතයට පෙර මට්ටමට පැමිණ ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

කෙසේවෙතත් පුරුෂ පාර්ශවයේ රැකියා හා සැසඳීමේදී කාන්තාවන්ගේ රැකියා නියුක්තිය තරමක අඩුවක් පෙන්නුම් කරන බවයි නවතම දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

2019 වසරේ පැවති මට්ටම හා සැසඳීමේදී සංචාරක ක්ෂේත්‍රයේ පිරිමි රැකියා 92.7% දක්වාද කාන්තා රැකියා ප්‍රමාණය සියයට 86.7 ක් දක්වාද වර්ධනය වී තිබෙනවා.

කෙසේ වෙතත් වසංගතය තුළ අහිමි වූ අධ්‍යාපන හා පුහුණු අංශයේ රැකියාවල යථා තත්ත්වයට පත්වීම ඉතා මන්දගාමී බව

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කලා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »