උපතේදී දරුවන් මියයන පවුල් වෙනුවෙන් $ මිලියන 05 ක්

උපතේදී දරුවන් මියයන පවුල්වල සාමාජිකයන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඩොලර් මිලියන 05 ක මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඉන් වැඩි කොටසක් දුෂ්කර සහ අධි අවධානම් ප්‍රජාව වෙත ලබාදීමටයි නියමිතව ඇත්තේ.

ඉදිරි වසර 03 ක කාලය තුළදී මෙම මුදල් බෙදාදීමට සැලසුම් කර ඇති බව ෆෙඩරල් රජය නිවේදනය කර සිටිනවා.

ප්‍රධාන ස්වේච්ඡා සංවිධාන 03 ක් හරහා එම ප්‍රතිපාදන ලබාදීමට නියමිතයි.

පසුගිය වසර 20 පුරා ඔස්ට්‍රේලියාවේ ළමා උපත් 1,000 කට උපතේදී මියයන දරුවන් සංඛ්‍යාව 07-08 ත් අතර අගයක පවතිනවා.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »