ස්වදේශික හඩට පක්ෂ පිරිස් ප්‍රචාරණ කටයුතු වේගවත් කරයි

ස්වදේශික ජනමත විචාරණයේදී ඊට පක්ෂ විය යුතු බවට හඩ නගන පිරිස් සිය ප්‍රචාරණ කටයුතු වේගවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වවිධ ජන කොට්ඨාශ සමග අදහස් හුවමාරු කරගැනීමටත් මෙම යෝජනාවේ ඇති වැදගත්කම පිළිබඳවත් පැහැදිලි කිරීමටයි නියමිතව ඇත්තේ.

ස්වදේශික හඩ ජනමත විචාරණ යෝජනාව පරාජය වීමේ අවධානමක් ඇති බවට අනාවැකි පළවීමත් සමග මෙම පියවර ගෙන තිබෙනවා.

විපක්ෂ නායක පීටර් ඩට්න් ඇතුලු විපක්ෂ දේශපාලනඥයන් ගණනාවකගේ අදහස් හමුවේ මහජනතාව අතර අසත්‍ය මතවාදයක් ස්ථාපිත වී ඇති බවටයි පසුගියදා තහවුරු වූයේ.

ස්වදේශික ජනතාවට පාර්ලිමේන්තුව ඇතුලු නීති සම්පාදනයේදී වැඩි නියෝජනයක් හිමිවන මෙම ජනමත විචාරණ යෝජනාව බොහෝදුරට ලබන ඔක්තෝබර් මාසයේදී හෝ නොවැම්බරයේදී පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »