වනිඳුගේ හැසිරීමට ICC යෙන් දඩ – තීරණාත්මක තරගයත් අද

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 06 තරග වටයේ නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය අතරතුර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙනුයි.

අදාළ තරගයේදී වනිඳු හසරංග දැවී යාමෙන් පසු නැවත ක්‍රීඩාගාරයට පැමිනිමේදී සිය පිත්තෙන් හතරේ සීමාවට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

එය චර්යා ධර්ම පද්ධතියේ පළමුවන මට්ටමේ කඩකිරීමක් බවට තහවුරු වී ඇති අතර ඔහුට තරග ගාස්තුවෙන් සියයට 50 ක දඩයක් සහ අප්‍රසාද ලකුණක් ලබාදී ඇති බවයි අයි සී සී ය නිවේදනය කලේ.

වනිඳු හසරංග වසරක් තුළ සිදුකළ මෙවැනි ආකාරයේ දෙවැනි වරද මෙය වන බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කලා.

මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 06 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා.

කණඩායම් දෙකම ප්‍රසාද ලකුණු 06 බැගින් ලබා සම තත්වයේ පසුවන අතර අද තරගය ජයගන්නා කණ්ඩායම බොහෝ දුරට ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වැඩි ඉඩක් පවතිනවා.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »