2023 වසරේ වික්ටෝරියානුවා සම්මානය මහාචාර්ය බ්‍රෙට් සට්න් ට

2023 වර්ෂයට අදාළව වසරේ වික්ටෝරියානුවා ලෙස ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී මහාචාර්ය බ්‍රෙට් සට්න් නම් කර තිබෙනවා.

කොවිඩ් වසංගත සමයේදී වික්ටෝරියා ජනතාව වෙනුවෙන් ඉටු කල සේවය අගය කිරීම සඳහායි ඔහුට මෙම සම්මානය පිරිනමා ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී තනතුරෙන් මහාචාර්ය බ්‍රෙට් සට්න් පසුගියදා ඉල්ලා අස්වුණා.

ඔහු C.S.I.R.O ආයතනයේ සෞඛ්‍ය සහ ජෛව ආරක්ෂණය පිළිබඳ නව අධ්‍යක්ෂවරයා ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇති.

වසරේ වික්ටෝරියානුවා සම්මානය ලබා ගැනීමෙන් පසු මහාචාර්ය බ්‍රෙට් සට්න් සඳහන් කලේ කොවිඩ් වසංගත සමය සිය වෛද්‍ය දිවියේ අභියෝගාත්මක කාලසීමාවක් වූ බවයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »