හෙට සිට ඉහළ යන ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් ගාස්තු මෙන්න

හෙට එනම් ජූලි පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සංචාරක වීසා අයදුම්පතක් සඳහා වන ගාස්තුව ඩොලර් 190 ක් දක්වාද – සහකරු හෝ සහකාරිය (dependent) සඳහා වන වීසා අයදුම්පත් ගාස්තුව ඩොලර් 8850 ක් දක්වාද ඉහළ යනු ඇති.

ශිෂ්‍ය වීසා අයදුම්පත් ගාස්තුව හෙට සිට ඉහළ දමා ඇත්තේ ඩොලර් 710 ක් දක්වායි.

සංක්‍රමණික පුහුණු ශ්‍රමික වීසා අයදුම්පතක් සඳහා අය කෙරෙන ගාස්තුව හෙට සිට ඩොලර් 4640 ක් බවට පත් වනවා.

අද මධ්‍යම රාත්‍රී 12 න් පසුව ලැබෙන පුරවැසිභාවය අයදුම්කරන අයදුම්පතක් සඳහා ඩොලර් 540 ක ගාස්තුවක් අය කෙරෙනු ඇති.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කලේ ඉහළ ගොස් ඇති මෙහෙයුම් පිරිවැයට සාපේක්ෂව මෙම ගාස්තු සංශෝධනය සිදුකර ඇති බවයි.

මේ අතර සිය දත්ත පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ImmiAccount ඇතුලු ඔන්ලයින් සේවා කිහිපයක් අද රාත්‍රී 08.30 සිට හෙට දහවල් 12.30 දක්වා ක්‍රියාත්මක නොවන බවද ස්වදේශ කටයුතු දෙපාර්තමෙන්තුව දන්වා සිටිනවා.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »