දැඩි සුළං හමුවේ සිඩ්නි ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා දැඩි බාධා

දැඩි සුළං තත්වය හමුවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා දැඩි බාධා එල්ල වී තිබෙනවා.

ගුවන් ගමන් ගණනාවක් මේ වනවිටත් අවලංගු කර හෝ ප්‍රමාද කර ඇති අතර දිනයේ ඉදිරි කාලසීමාවේදීත් මෙම තත්වය අපේක්ෂා කල හැකියි.

අද පස්වරු 03 පමණ දක්වා සිඩ්නි ගුවන් තොටුපළ ආශ්‍රිතව පැයට කිලෝමීටර් 70 ක පමණ වේගයෙන් සුළං හමා යා හැකි බවටයි අනාවැකි පළවන්නේ.

ක්වන්ටාස් – ජෙට් ස්ටාර් සහ වර්ජින් යන ගුවන් සමාගම් රැසක ගුවන් ගමන් ගණනාවක් මේ වනවිටත් අවලංගු කර තිබෙනවා.

මේ වනවිට සිඩ්නි ගුවන් තොටුපලේ ක්‍රියාත්මක වනුයේ එක් ගුවන් ධාවන පථයක් බවද සඳහන්.

පාසල් නිවාඩු සමය ආරම්භවීමත් සමග බොහෝ පිරිසක් සංචාර සඳහා පිටත්වයාමට සූදානමින් සිටියදීයි මෙලෙස සිඩ්නි ගුවන් ගමන් සඳහා බාධා පැමිණ ඇත්තේ.

සිඩ්නි ගුවන් තොටුපළට පැමිණිමට පෙර සිය ගුවන් ගමන පිළිබඳ තහවුරු කරගන්නා ලෙස මගීන්ට දැනුම්දීමක් සිදු කෙරෙනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »