Search

පාසල් Payroll බදු යෝජනාව වික්ටෝරියා ප්‍රාන්ත රජය හකුළාගනී

රජයේ නොවන පාසල් සිය ගණනක් Payroll බද්දට යටත් කිරීමේ යෝජනාව වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් හකුළා ගෙන තිබෙනවා.

ඒ වෙනුවට වාර්ෂික අය කිරීම ඩොලර් 15,000 ට වැඩි පාසල් සඳහා නව බදු සංශෝධන හඳුන්වාදීමටයි නියමිතව ඇත්තේ.

මෙවර ප්‍රාන්ත අයවැයට ඇතුළත්වු යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හමුවේ ඩොලර් මිලියන 100 ක පමණ ආදායම් අහිමිවීමක් සිදුවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

වික්ටෝරියා අයවැයට පළමුවෙන් ඇතුළත්ව තිබූ බදු යෝජනාව ක්‍රියාත්මක කරනු ලැබුවේ නමි වාර්ෂික ගාස්තුව ඩොලර් 7,500 ට වඩා අය කරන පාසල් 110 ක් පමණ ඊට යටත්වීමට නියමිත වූණා.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්ත රජය තක්සේරු කර තිබූ බදු ආදායම ඩොලර් මිලියන 422 ක්.

කෙසේවෙතත් නව යෝජනාවත් සමග එම පාසල් සංඛ්‍යාව 60 කට අඩුවී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »