Search

ඔස්ට්‍රේලියාවේ වාහන සහ දේපළ කොල්ලකෑම් අඛණ්ඩව 02 වන වසරටත් ඉහළට

ඔස්ට්‍රේලියාව තුළ වාහන සොරකම් සහ දේපළ කොල්ලකෑම් අඛණ්ඩව 02 වන වසරටත් ඉහළ ගොස් තිබෙනවා.

2021 වසරට වඩා පසුගිය වසරේදී වාහන සොරකම් සියයට 11 කින් – දේපළ මංකොල්ලකෑම් සියයට 09 කින් සහ සිල්ලර වෙළඳසැල්වල සොරකම් සියයට 08 කින් වැඩිවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ.

එමෙන්ම කොවිඩ් වසංගත සමයේ පහළගොස් තිබූ ලිංගික හිංසන අපරාධ සංඛ්‍යාවද පසුගිය වසර වනවිට නැවතත් ඉහළයාමක් සටහන් කර තිබෙනවා.

කෙසේවෙතත් 2021 වසරට වඩා පසුගිය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික හිංසන මෙන්ම කොල්ලකෑම්වල පහළයාමක් නිරීක්ෂණය වී තිබීම විශේෂත්වයක්.

එහෙත් ක්වීන්ස්ලන්ඩ් – නිවු සවුත් වේල්ස් සහ Northern Territory ප්‍රාන්තවල පෙර වසරවලට වඩා අපරාධ ඉහළ ගොස් තිබෙනවා.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »