NSW රියදුරන්ට දී ඇති මාර්ග ගාස්තු සහන දීමනාවක් අදින් අවසන්

නිවු සවුත් වේල්ස් රියදුරන්ට ලබාදී ඇති මාර්ග ගාස්තු සහන දීමනාවක් අදින් අවසන් වනවා.

පසුගිය මූල්‍ය වර්ෂයේදී මාර්ග ගාස්තු ලෙස ඩොලර් 877 ක් හෝ ඊට වැඩි මුදළක් ගෙවා ඇති රියදුරන්ට වාර්ෂික වාහන ලියාපදිංචියේදී ගාස්තු අඩක් අඩු කිරීම සඳහායි මෙම සහනය ලබාදී තිබුණේ.

එමෙන්ම ඩොලර් 1,462 ක් හෝ ඊට වැඩි මුදලක් වැය කර තිබූ රියදුරන්ට මාස 12 ක් සඳහා වාහන ලියාපදිංචිය නොමිළයේ ලබාදීමද මෙහිදී සිදුවුණා.

කෙසේවෙතත් රියදුරන් 100,000 කට ආසන්න පිරිසක් මෙතෙක් එම වරප්‍රසාද ලබාගෙන නොමැති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැවති ලිබරල් සන්ධාන රජය විසින් මෙම සහනය හඳුන්වාදී තිබුණා.

වත්මන් ලේබර් රජය හඳුන්වාදුන් සතියක ඩොලර් 60 ක උපරිම මාර්ග ගාස්තු ක්‍රමය ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇති.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »